සම්පත් බැංකුවේ තැන්පත්කරුවන්ගේ මුදල් වංචාවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 29, 2019

සම්පත් බැංකුවේ තැන්පත්කරුවන්ගේ මුදල් වංචාවක්

සම්පත් බැංකුවේ තැන්පත්කරුවන්ගේ මුදල් වංචාවක්

වසර එකහමාරක පමණ කාලයක් තිස්සේ සම්පත්  බැංකුවේ තැන්පත්කරුවන්ගේ මුදල් වංචා කිරීමක් පිළිබඳව "colombo telegraph" වාර්තා කරයි. 

මෙම වංචාව හෙළිව ඇත්තේ තැන්පත්කරුවකු වන ආයුර්වේද වෛද්‍යවරයෙකු කල පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය කිරීමෙන් පසුවය.

සම්පත් බැංකුව කල විගනනයකින්ද ඒ බව තහවුරු වී තිබේ.

විමර්ෂණ නිලධාරීන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ගොනු කල වාර්තා වල දැක්වෙන්නේ බැංකුවේ ප්‍රාදේශීය කළමනාකරුවෙකු,  තලාහේන ශාඛාවේ කළමනාකාරීනියක් සහ තවත් බැංකුවේම කළමණාකරුවෙකු මෙම වංචාව සිදු කර ඇති බවයි. 

ඔවුන් විසින් ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකුගේම තැන්පතු විවධ ක්‍රම ඔස්සේ වෙනත් ගිණුම් වලට යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපර්තම්නේතුව අධිකරණයට වාර්තා කර තිබිණි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. 

සිද්ධිය සම්බන්ධයෙන් නඩු කටයුතු අවසන් වන තුරු ප්‍රකාශයක් සිදු කල නොහැකි බව සම්පත් බැංකුව සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad