"2020ට කලින් මැතිවරණයක් තියන්නේ අපිට ඕනේ නම් විතරයි" - එජාපයෙන් සැර කතාවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 29, 2019

"2020ට කලින් මැතිවරණයක් තියන්නේ අපිට ඕනේ නම් විතරයි" - එජාපයෙන් සැර කතාවක්

මැතිවරණ සම්බන්ධයෙන් මතපළකරමින් ඇතැමුන් ප්‍රශ්න නිර්මාණය කරමින් සිටින බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසයි.

කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මැතිවරණයක් පැත්විය හැක්කේ එක්සත් ජාතික පක්ෂයේ කැමැත්ත සහ අවශ්‍යතාවය මත පමණක් බවත් ඔහු පවසයි.

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2020 වසරේදි බවත් ඊට පෙර පැවැත්විය යුත්තේ ජනාධිපතිවරයා බවත් අමාත්‍යවරයා එහිදි පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු  අමාත්‍යවරයා පැවසුවේ පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බනධයෙන් තිබේන ගැටළු පළමුවෙන් නිරාකරණය කර ගත යුතු බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad