හතුරුසිංහගේ බලතල අඩු කිරීමේ සුදානමක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 29, 2019

හතුරුසිංහගේ බලතල අඩු කිරීමේ සුදානමක්

හතුරුසිංහගේ බලතල අඩු කිරීමේ සුදානමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ බලතල අඩු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුට ක්‍රිකට් තරගවලදී ක්‍රීඩකයන් තෝරා ගැනීමට සම්බන්ධවීමට අවස්ථාව තිබුණත් එම බලතල ඔහුගෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

ක්‍රිකට් තරග සඳහා කණ්ඩායම නම් කිරීමේදි පූර්ණ බලතල ක්‍රිකට් තේරීම් කමිටුවට, නායකයාට හා කළමණාකාරණය හරහා සිදුකිරීමට නියමිතය. මේ සඳහා අවශ්‍ය උපදෙස් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ලබාදී ඇති බවද වාර්තාවෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad