ත්‍රිකුණාමල හා ගාලු වරායන් මේ වසර අවසානයට පෙර පැය 24ම ක්‍රියාත්මකයි: ත්‍රි'මලේ රාත්‍රි මෙහෙයුම් අප්‍රේල් සිට - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 28, 2019

ත්‍රිකුණාමල හා ගාලු වරායන් මේ වසර අවසානයට පෙර පැය 24ම ක්‍රියාත්මකයි: ත්‍රි'මලේ රාත්‍රි මෙහෙයුම් අප්‍රේල් සිට

ත්‍රිකුණාමල හා ගාලු වරායන් මේ වසර අවසානයට පෙර පැය 24ම ක්‍රියාත්මකයි: ත්‍රි'මලේ රාත්‍රි මෙහෙයුම් අප්‍රේල් සිට

ත්‍රිකුණාමලය සහ ගාල්ල වරායන් මේ වසර අවසානයට පෙර පැය 24ම මෙහෙයුම් කටයුතු සිදු කරන වරායන් බවට පත් කරන බව වරාය, නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.

මෙහි පළමු පියවර වශයෙන් ලබන අප්‍රේල් මාසයේ සිට ත්‍රිකුණාමල වරායෙහි රාත්‍රී මෙහෙයුම් කටයුතු සිදු කිරීමට නියමිතය.

ඒ සඳහා අවශ්‍ය රේඩාර් පද්ධති මෙන්ම සෙසු යටිතල පහසුකම් ද ඉක්මනින්ම එහි ස්ථාපනය කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ක්‍රියාවලිය සඳහා ජපානය යෙන් බිලියන 1ක ආධාරයක් ලබා දී ඇති බව පැවසූ අමාත්‍යවරයා මෙය කඩිනම් ව්‍යාපෘතියක් ලෙස සිදු කිරීමට කටයුතු යොදා ඇති බව ද සඳහන් කළේය.

ත්‍රිකුණාමල වරාය පැය 24 ම මෙහෙයුම් සිදු කෙරෙන වරායක් බවට පත් කිරීමත් සමග එයට පැමිණෙන නැව් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බව කී අමාත්‍යවරයා ඒ සමගම භාණ්ඩ ප්‍රවාහන නැව් ද වැඩි වශයෙන් ත්‍රිකුණාමල වරායට පැමිණෙනු ඇති බව සඳහන් කළේය.

ත්‍රිකුණාමල වරාය සංවර්ධන ව්‍යාපෘතියත් සමග ත්‍රිකුණාමල වරාය ආශ්‍රිත කලාපය අපනයන කේන්ද්‍රයක් වශයෙන් හඳුනා ගෙන වැඩිදියුණු කිරීමට කටයුතු කෙරෙනු ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ගාලු වරායෙහි රාත්‍රි මෙහෙයුම් කටයුතු ද මේ වසර අගදී ආරම්භ කිරීමට නියමිතය. වරාය සංවර්ධනයට අමතරව ගාලු වරාය ආශ්‍රිත ප්‍රදේශය සංචාරක කලාපයක් වශයෙන්ද වැඩිදියුණු කිරීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad