වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු අවබෝධතා ගිවිසුම අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදි අත්සන් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 28, 2019

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු අවබෝධතා ගිවිසුම අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදි අත්සන් කරයි

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු අවබෝධතා ගිවිසුම අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදි අත්සන් කරයි

වතු කම්කරුවන්ගේ නව වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු නව අවබෝධතා ගිවිසුමට අරලියගහ මන්දිරයේදි අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදි අද (28) අත්සන් කල බව ලංකා කම්කරු කොන්ග්‍රසය අද නිවේදනය කරනු ලැබිය.

වතු හාම්පුතුන්ගේ සංගමය වෙනුවෙන් එම සංගමයේ අධ්‍යක්ෂක ජෙනරාල් කනිෂ්ක විරසිංහ මහතා සහ වතු ඒකාබද්ධ වෘත්තිය සමිති වෙනුවෙන්  ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන්, ලංකා ජාතික වතු කම්කරු සංගමය වෙනුවෙන් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වැවිලි කර්මන්ත රාජ්‍ය අමාත්‍යය වඩිවෙල් සුරේෂ් යන මහතුන් අත්සන් කර ඇත.

මේ අනුව වතු කම්කරුවෙකුගේ දෛනික මුලික වැටුප රු 700  ක් වශයෙන්ද තේ මිල අනුව දිනකට රු.50 මුදලක්ද අමතර තේ දළු කිලෝවකට රු.40 ක්ද වශයෙන් නව අවබෝධතා ගිවිසුම අනුව වතු කම්කරුවන්ට වැටුප් ගෙවිමට නියමිත අතර මාස තුනක හිග වැටුප්ද ගෙවිමට නියමිතය.

මෙම අවබෝධතා ගිවිසුම වසර දෙකකට බලපැවැත්වෙන බවයි ලංකා කම්කරු කොන්ග්‍රසය කියා සිටියේ අද අත්සන් කෙරුණු අවබොධතා ගිවිසුමට විරෝධය පාමින් හැටන් ඇතුළු වතුකරයේ ස්ථාන කිහිපයක වතු කම්කරුවෝ විරෝධතා පැවැත්වනු ලැබිය.

No comments:

Post a Comment

Post Bottom Ad