අනියම් ඇසුරක් වීඩියෝ කර බොස්ගෙන් මිලියන 6 ක කප්පමක් ගන්න හැදූ සේවිකාව - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 28, 2019

අනියම් ඇසුරක් වීඩියෝ කර බොස්ගෙන් මිලියන 6 ක කප්පමක් ගන්න හැදූ සේවිකාව

අසැබි වීඩියෝ දර්ශන කිහිපයක් අන්තර්ජාලයට මුදාහරින බවට බිය ගන්වා ප‍්‍රධාන පෙළේ නිවාස හා ඉඩම් ව්‍යාපාර ආයතනයක හිමිකාර කෝටිපති ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්‍ෂ 60 ක කප්පම් මුදලක් ලබා
ගැනීමට තැත් කිරීමේ චෝදනාව යටතේ කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ එම ආයතනයේම සේවය කරනු ලබන නිලධාරිනියක් ලබන 31 දින දක්වා

රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට වැඩ බලන මහෙස්ත‍්‍රාත් කමල් විජේසිරි මහතා (පසුගිය 26 සෙනසුරාදා) නියෝග කළේය.

සිය පෙම්වතා බව කියන පුද්ගලයකුගේ මෙහෙයවීම මත එම කප්පම් මුදල ලබා ගැනීමට සිදුකළ උපක‍්‍රමශීලී සැළසුමකට අනුව සැකකාරිය විසින් එම මුදල් සහිත බෑගය ලබා ගැනීමට සූදානම් වෙද්දී ඇයව අත්අඩංගුවට ගන්නා ලද බව පොලිසිය අධිකරණයට වාර්තා කළේය.

ඉහතකී ව්‍යාපාරික ස්ථානයේ කළමනාකාරවරියක් ලෙසට සේවය කළ කොළඹ ටොරින්ටන් පෙදෙසේ මහල් නිවාසයක පදිංචි කටුකුරුන්ද වෙල්ලාලගේ තමාරි නිරෝෂනීී නමැති කාන්තාවට එරෙහිව කොළඹ
දෙමටගොඩ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් මෙම පැමිණිල්ල ගොනු කර තිබිණි.

සැකකාරිය එම ආයතනයේ සේවයේ යෙදී සිටියදී පැමිණිලිකාර ව්‍යාපාරිකයා ඇයට අයුතු යෝජනා හිරිහැර සිදු කර ඇතැයිද ඇය ඒ සම්බන්ධව තමාගේ පෙම්වතාට පැවසීමෙන් පසුව එම කප්පම් මුදල ලබා ගැනීමේ උපක‍්‍රමයක් සැළසුම් කර ඇතැයිද පොලිසිය අධිකරණයට වාර්තා කර තිබේ.

කලින් යොදා ගත් ඒ සැළසුම අනුව සැකකාරිය ව්‍යාපාරිකයා සමග ජීප් රථයකින් එක්තරා ස්ථානයකට යන අතරතුර පුද්ගලයින් තිදෙනෙක් ජීප් රථය හරස් කර එම දර්ශන වීඩියෝ ගතකර ඒවා අන්තර් ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් එසේ නොකිරීමට නම් රුපියල් කෝටි තුනක කප්පමක් ඉල්ලා ඇතැයිද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

-පියදාස රණසිංහ-

No comments:

Post a Comment

Post Bottom Ad