පවුල් ප්‍රශ්නයක් නිසා මාස 7 දරුවා වයරෙන් එල්ලා මරා තමාද පේර ගසේ එල්ලී මියගිය තරුණ මව - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 27, 2019

පවුල් ප්‍රශ්නයක් නිසා මාස 7 දරුවා වයරෙන් එල්ලා මරා තමාද පේර ගසේ එල්ලී මියගිය තරුණ මව

https://www.gossiplankanews.com/2019/01/dimbula-mother-son-victim.html
වක විසින් තම කුසින් උපන් සිඟිති දරුවා මරාගෙන තමාත් මියයාමේ අවාසනාවන්ත සිද්ධියක් ඊයේ හැටන් දිඹුල ප්‍රදේශයෙන් වාර්තා විය.දිඹුල -පතන පොලිස් වසමට අයත් රොසිටා ප‍්‍රදේශයේ පදිංචි තරුණ මවක් ඊයේ (27) අළුයම තම හත්මස් වියැති සිඟිති පුතුගේ ගෙල වයරකින් සිර කර ඝාතනය කර ඇයද නිවස අසල පිහිටි පේර ගසක එල්ලී
සිය දිවි නසාගෙන තිබුණි.
 මෙසේ මිය ගොස් ඇත්තේ, කිට්නසිමි නිත්‍යකළ්‍යාණි නැමති විසි හය හැවිරිදි විවාහක කාන්තාවක් හා සන්දීප් අස්වින්තන් නැමති මාස හතක් වයසැති පිරිමි දරුවෙකි.

 පවුල් ආරවුලක් හේතුවෙන් ඊයේ අළුයම් කාලයේ මෙම කාන්තාව නිවසින් පිටතට පැමිණ තම දරුවාද ඝාතනය කර සිය දිවි නසාගෙන ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය වූ බව දිඹුල-පතන පොලීසිය පවසයි.
සියදිවි හානි කරගත් කාන්තාවගේ සැමියා උල් ආයුධයකින් ඇනගෙන තුවාල කරගෙන ඇති බවත් ඔහු කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මූලික රෝහල වෙත මාරු කර යැවූ බව දිඹුල පොලිසිය පැවැසීය.
මහෙස්ත්‍රාත්වරයා එම සිරුරු දෙක සම්බන්ධයෙන් ස්ථාන පරීක්ෂාව සිදු කරන ලදි. සිය දිවි හානි කර ගත් කාන්තාවගේ සැමියා කොළඹ ප්‍රදේශයේ කම්කරු රැකියාවක නිරතව සිටි බවත් ඔහු මීට දින කිහිපයකට පෙර නිවෙසට පැමිණීමත් සමඟ දෙදෙනා අතර අවස්ථා කිහිපයකදී ආරවුල් ඇති වී ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන දිඹුල පොලිසිය පවසයි.












ඡායාරුප හා සටහන-මස්කෙළිය ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක

No comments:

Post a Comment

Post Bottom Ad