ඥානසාර හිමි නිදහස් ද ? නැද්ද ? තීන්දුව 8 වනදා - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 29, 2019

ඥානසාර හිමි නිදහස් ද ? නැද්ද ? තීන්දුව 8 වනදා

ඥානසාර හිමි නිදහස් ද ? නැද්ද ? තීන්දුව 8 වනදා

මාස 6 ක සිර දඬුවමට එරෙහිව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනු  කළ අභියාචනය තීන්දුව ලබන 8 වනදා ලබා දෙන බව හෝමාගම මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා මීට ටික වෙලාවකට ප්‍රකාශ කළේය.

එම තීන්දුව අද දින  ලබාදීමට නියමිතව තිබිණ.

කෙසේ වෙතත් මහාධිකරණ  විනිසුරුවරයා ප්‍රකාශ කළේ තමන් තීන්දු ලබාදීමට සූදානම් නොමැති නිසා එම තීන්දුව අද දිනයේ ලබා නොදෙන බව ය

ඥානසාර හිමියන් වෙනුවෙන් ජනාධිපති ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පෙනී සිටි අතර නීතිපතී  දෙපාර්තම්න්තුව ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතා පෙනී සිටියා

පසුගිය ජුනි 14 වෙනි දින මාස හයක සිර දඬුවමක් නියම කෙරුණ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලඩඅත්තේ ඥානසාර හිමියන් එම  තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කෙරිණ.

අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු බවට ඔප්පු වීමෙන් පසු එහිමියන්ට සිර දඬුවමක් සහ දඩ මුදලක් නියම කරන ලදි.

No comments:

Post a Comment

Post Bottom Ad