ඡන්දෙ වෙලාවට නැතිනම් ඉල්ලා අස්වෙනවා - මහින්ද දේශප්‍රිය - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 28, 2019

ඡන්දෙ වෙලාවට නැතිනම් ඉල්ලා අස්වෙනවා - මහින්ද දේශප්‍රිය

පළාත් සභා මැතිවරණය නොවැම්බර් 10 වැනි දිනට පෙර පැවැත්වීමට නොහැකි වුවහොත් තමන් මැතිවරණ
කොමිසමේ සභාපති

ධුරයෙන් ඉල්ලා අස්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසා තිබේ.
පළාත් සභා මැතිවණය දිගින් දිගටම කල් යාම ගැන අදහස් පල කරමින් ඔහු අද මේ බව කියා සිටියේය.
මැතිවරණ නොපැවැත්වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහෝසි කිරීමක් යයිද සභාපතිවරයා දන්වා තිබේ.

මැතිවරණ කොමිසමේ  පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ “මටත් හෘද සාක්ෂියක් තියෙනවා. මැතිවරණය කල් දැමීම වැරදියි. 2019 වසරේ නොවැම්බර් 09ත් දෙසැම්බර් 9ත් අතරතුර පළාත් සභා මැතිවරණය නියමිත පරිදි පවත්වන්න කටයුතු සම්පාදනය නොවුනොත් මා සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙනවා” යනුවෙනි.


No comments:

Post a Comment

Post Bottom Ad