පාර්ලිමේන්තුවේ සියලු කමිටු රැස්වීම් මාධ්‍යට විවෘත කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා කියයි.
මේවන විටද කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කටයුතු මාධ්‍යට විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ, ඊට අවශ්‍ය ස්ථාවර නියෝග සකස් කිරිම මේ වන විට සිදුවෙමින් ඇති බවයි.
එම කටයුතු කඩිනම් කර ඉතා ඉක්මණින් කෝප් කමිටුව මාධ්‍යට විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි ද, ඔහු සඳහන් කළේ ය.
කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා කථානාකවරයාගෙන් කෝප් කමිටුව මාධ්‍යට විවෘත කිරිමට කටයුතු කරන ලෙස කරන ලද ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙස මෙය සිදු කිරීමට සැලැසුම්කර ඇති බවද පැවසේ.
මේ අතර රාජ්‍ය ගිණුම් කාරක සභාවේ කටයුතු ද මාධ්‍යට විවෘත කිරීමට පියවර ගන්නා බව ගිණුම් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා යළි එම ධුරයට පත් වීමෙන් පසු නිවුස්ෆස්ට් වෙත ප්‍රකාශ කළේ ය.
Monday, January 28, 2019
කෝප් ඇතුළු පාර්ලිමේන්තුවේ සියලු කමිටු මාධ්‍යට විවෘති කිරීමට යයි !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment