බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව දුන් තීන්දුව යළි සලකා බලන්නැයි ඉල්ලීමක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 25, 2019

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව දුන් තීන්දුව යළි සලකා බලන්නැයි ඉල්ලීමක්


බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දුට එරෙහිව බි‍්‍රතාන්‍ය අධිකරණයක් ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් යළි සලකා බලන්නැයි විදේශ කටයුතු අමාත්‍යංශය මෙරට බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එම අමාත්‍යංශයේ ප‍්‍රකාශකයෙකු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශ නිලධාරීන් ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයා සමග සාකච්ඡාවකද නිරත වූ බවයි.

බි‍්‍රතාන්‍ය අධිකරණය හමුවේ පවතින වැරදි වැටහීම නිවැරදි කරන ලෙසයි විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් මෙහිදී ඉල්ලා ඇත්තේ. බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු බි‍්‍රතාන්‍යයේ වෙස්මිනිස්ටර් අධිකරණය මගින් වරදකරු කර ඇති බව ඉකුත්දා වාර්තා වුණා.

ලන්ඩනයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල පරිශ‍්‍රයේ දී එල් ටී ටී ඊ හිතවාදීන්ට තර්ජනාත්මක සංඥාවක් කළ බවටයි ඔහුට චෝදනා එල්ල වුණේ. ඊට එරෙහිව දෙමළ ඩයස්ෆෝරාව වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධානයක් මෙම නඩුව ගොනු කර තිබුණා.

No comments:

Post a Comment

Post Bottom Ad