උතුරේ බුදු පිළිම හා බුදු මැදුරු පිළිබඳ අර්බුදයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 25, 2019

උතුරේ බුදු පිළිම හා බුදු මැදුරු පිළිබඳ අර්බුදයක්


උතුරු පළාත්තේ ඇති බුදු පිළිම, බුදු මැඳුරු හා බෝධීන් වහන්සේ සම්බන්ධයෙන් යළිත් වරක් අර්බුදයක් මතුවී තිබේ.  උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් සිටි මුලතිව් පළාතේ මන්ත්‍රී ටී. රවිහරන්
මහතා කියා සිටින්නේ මුලතිව් නායාරූ ගුරුකන්ද විහාරය කලින් මුලතිව් පළාතේ පිහිටි විහාරස්ථානයක් නොවන නිසා එහි ඇති බුදු පිළිමය හා විහාරය ඉවත් කළ යුතු බවයි.

මෙම විහාරස්ථානය හා අලුතින් තබන ලද  බුදු පිළිමය ඉවත් නොකරන්නේ නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු සියලු 
ආයතනවලටත් මේ විහාරයේ අයිතිකරුවන් යැයි කියන පිරිසටත් එහිව අධිකරණයේ නඩු පවරන බවද ඔහු කියා සිටියි. සිය බැතිමතුන්ට කෝවිලට යෑමට තිබූ පාර අවහිර කරමින් බුදු පිළිමයක් තැබීම නිසා පළාතේ ජනතාව අතර නොමැති ප්‍රශ්න ඇති කොට ඇති බව කියන හිටපු මන්ත්‍රිවරයා පසුගිය දිනවල ජනාධිපතිවරයා මුලතිව් පළාතට පැමිණ ජනතාවට භාරදුන් ඉඩම්වලද බුදු මැඳුරු හා බුදු පිළිමද බෝධින්ද ඇති බව කියා සිටියි.

යුද හමුදාව විසින් ඒවා ඉදිකොට වන්දනාමාන කළද ඔවුන් එම ස්ථානවලින් යන විට ඒවා ඉවත් කිරීමට පියවර ගෙන නොමැත්තේ අහිංසක දෙමළ ජනතාව පිට විශාල වරදක් පැටවීමේ චේතනාවෙන් බවද රවිහරන් මහතා කියා සිටියි. උතුරේ මෙම ඉඩම් හිමි පුද්ගලයන් කිසිවකුත්  බෞද්ධයන් නොවන නිසා දකුණේ භික්ෂුන් වහල්ලොත් පුරාවිද්‍යා නිලධාරීනුත් පැමිණ  වහාම එම බුදු පිළිම, බුදු මැඳුරූ හා බෝධීන්
ඉවත් කරන ලෙස ඔහු ඉල්ලීමක් කොට තිබේ.

මේ ආගමික සංකේත තිබියදී එම ඉඩම්වල දෙමළ ජනතාව පදිංචි වී ජීවත්වීමට අකැමැති බව දකුණේ සියලු දෙනා තේරුම් ගත යුතු බව  පවසන හිටපු මන්ත්‍රිවරයා මෙහි ජීවත්වන අහිංසක දෙමළ ජනතාව තවදුරටත් පීඩාවට පත් නොකරන ලෙස ද ඉල්ලා සිටියි.

-රසාදි චතුරංගි ගමගේ-

No comments:

Post a Comment

Post Bottom Ad