කිරිපිටි හිඟයක් ඇති වීමේ අවධානමක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 29, 2019

කිරිපිටි හිඟයක් ඇති වීමේ අවධානමක්

කිරිපිටි හිඟයක් ඇති වීමේ අවධානමක්

කිරිපිටි මිල මේ සතිය ඇතුළත ඉහළ යනු ඇතැයි කිරිපිටි සමාගම් පවසයි.

ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මෙට්‍රික් ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 3350 සිට ඇ. ඩො. 3000 දක්වා අඩු වුව ද ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වීම මෙම මිළ ඉහළ නැංවීමට හේතුවයි.

ඒ අනුව ආනයනිත කිරිපිටි කිලෝවක මිල රු. 100ත් 120ත් අතර ප්‍රමාණයකින් ඉහළ නංවන ලෙස සමාගම් රජයෙන් ඉල්ලා සිටියි.

ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් මෙතෙක් නොලැබීම නිසා සිය අලාභය අවම කර ගැනීම සඳහා සමගාම් ආනයනය කළ කිරිපිටි වරායෙන් නිදහස් කර නොගෙන සිටීිමට තීරණය කර තිබේ. මේ වන විට වරායේ කිරිපිටි මෙට්‍රික් ටොන් 1200-1500ත් අතර ප්‍රමාණයක් ගොඩගැසී තිබේ. මේ අනුව මිළ ඉහළ යාමක් සිදුනොවුණහොත් රටේ කිරිපිටි හිඟයක් ඇති විය හැකිය.

No comments:

Post a Comment

Post Bottom Ad