ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ පාසල් තුළ ළමා අපචාර සිදුවන බවට නම් හෙළි නොකළ ගුරුවරුන් පිරිසක් සිය පුවත්පතට දැනුම්දී ඇතැයි රාවය පුවත්පත වාර්තා කර තිබේ.
බොහෝ සිද්ධීන් පිළිබඳ නිසි ලෙස වාර්තා වීමක් සිදු නොවන හෙයින් අපචාරවලට ලක්වූ සිසුන්ට බලවත් අසාධාරණයක් මෙන්ම ඔවුන්ගේ අනාගතය කෙරෙහි එම සිද්ධි අහිතකර ලෙස බලපාන බවත් අදාළ ගුරුවරුන් පවසා තිබේ.
තොරතුරු පනත යටතේ කරන ලද ඉල්ලීමකට අනුව කන්තලේ කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (සංවර්ධන) තොරතුරු නිලධාරී ගාමිණී බණ්ඩාර විසින් එවන ලද වාර්තාවකට අනුව 2018 වර්ෂය තුළ කන්තලේ අධ්‍යාපන කලාපයේ ළමා අපචාර සිද්ධීන් දෙකක් පිළිබඳ පැමිණිලි දෙකක් කන්තලේ කලාප අධ්‍යාපන කලාපයට ලැබී ඇති ව දැක්වේ.
එහි දැක්වෙන තොරතුරු අනුව ත්‍රිකුණාමලය කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ගැහැණු දරුවකු ගුරුවරයකු අතින් අපයෝජනයට ලක්ව තිබෙන අතර ඊට සම්බන්ධ ගුරුවරයා පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ අනුමැතිය ත්‍රීකුණාමලය කන්තලේ දෙහිවත්ත විද්‍යාලයට ස්ථාන මාරු කර ඇත.
ත්‍රිකුණාමලය අග්බෝපුර මහා විද්‍යාලයේ පිරිමි දරුවකු ද ගුරුවරයකු අතින් අපයෝජනයට ලක්ව තිබෙන අතර ඊට සම්බන්ධ ගුරුවරයාද පළාත් අධ්‍යාපන ලේකම් වරයාගේ අනුමැතිය යටතේ ත්‍රිකුණාමලය කන්තලේ මහවැලිගම මහා විද්‍යාලයට ස්ථාන මාරු කර තිබේ.
ත්‍රිකුණාමලය කන්තලේ මහා විද්‍යාලයේ සිද්ධිය පිළිබඳව අධිකරණයේ විභාග වන නඩුවක් ද පවතින බව වාර්තා වේ.
මේ පිළිබඳව ත්‍රිකුණාමලය අක්බෝපුර මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ දුරකථනය මගින් කරන ලද විමසුමට ප්‍රතිචාර දක්වමින් ඔහු පවසා ඇත්තේ ළමා අපචාර විශේෂයට අයත් කිසිදු සිද්ධියක් තම පාසලින් වාර්තා නොවන බවයි.
කෙසේවුවද, එම විද්‍යාලයේ ඉගෙනීමට අතිදක්ෂ ගැහැණු දරුවෙකුව අපයෝජනයට ලක්වී ඇති බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට 10 / 05 / 707 යටතේ පැමිණිල්ලක් ගොනුකර ඇති අතර ඒ පිළිබඳ අධිකාරිය විසින් පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන අවස්ථාවේදී වින්දිතභාවයට පත් වූ සිසුවිය එම පාසලෙන් ඉවත්ව ගොස් තිබෙන බවයි.
ළමා අපයෝජනයක් කරන ලද බවට චෝදනාවට ලක් වූ ගුරුවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ සාක්ෂි වල පරස්පරතාවක් මත එම සිද්ධිය යටපත් වී ඇතිබවද පැවසේ.
මෙම අධ්‍යාපන කලාපයේ වාන් ඇල විදුහලක තුන් වන වසරේ ඉගෙනුම ලබන සිසුවියක ද ළමා අපචාර සිද්ධියක විඳිතියක්ව සිටින බවද මේ අතර වාර්තා වේ.
Thursday, January 31, 2019
කන්තලේ පාසල් වල ළමා අපචාර වන බවට චෝදනා
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment