ඥානසාර හිමි හෝමාගම මහාධිකරණයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 29, 2019

ඥානසාර හිමි හෝමාගම මහාධිකරණයට

පුස්තකාල ජායාරුපයකි

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද බන්ධනාගර නිලධාරීන් විසින් හෝමාගම මහාධිකරණයට ඉදිරිපත් කලේ උන්වහන්සේ ඉදිරිපත් කළ අභියාචනය විභාගයට ගන්නා අවස්ථාව සදහාය.

පසුගිය ජුනි 14 වෙනි දින මාස හයක සිර දඬුවමක් නියම කෙරුණ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලඩඅත්තේ ඥානසාර හිමියන් එම  තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කෙරිණ.

අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු බවට ඔප්පු වීමෙන් පසු එහිමියන්ට සිර දඬුවමක් සහ දඩ මුදලක් නියම කරන ලදි.

පුජ්‍ය ගලඩඅත්තේ ඥානසාර හිමි මේ වනවිට බරපතළ වැඩසහිත වසර 6ක සිර දඬුවමක් සදහා  බන්ධනාගර ගතව සිටින්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනා වලට වරදකරු වීම හේතුවෙන්ය .

එළැබෙන නිදහස් දිනයේදී ඥානසාර හිමි මෙම වසර 6ක සිර දඬුවමෙන් නිදහස් කිරීමට  ජනපති සමාව ලබාදීමට නම්  අද හෝමාගම මහාධිකරණයේ විභාග වන අභියාචනය අවසන් විය යුතුය.

No comments:

Post a Comment

Post Bottom Ad