"පාරම්පරික කලාකරුවන්ගේ දැනුම මතු පරපුරට දායාද කිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍යයි" - ජනපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 29, 2019

"පාරම්පරික කලාකරුවන්ගේ දැනුම මතු පරපුරට දායාද කිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍යයි" - ජනපති

ග්‍රාමීය මට්ටමින් සිටින පාරම්පරික කලාකරුවන්ගේ දැනුම සහ කුසලතාවයන් ඔවුන්ගේ ජීවන ගමන නිමා වීමත් සමග අවසන් වීමට ඉඩ නොතබා මතු පරපුර වෙත දායාද කිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපතිවරයා පවසයි.

ඒ පිළිබඳ අමාත්‍යාංශ මට්ටමින් අවධානය යොමුවීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ අද (29) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ අමතමිනි.

ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටු කළ කලා ශිල්පි ශිල්පිනියන් දෙසීය දෙනෙකු පමණ මෙහිදී ඇගැයීමට ලක් කෙරුණු අතර විශිෂ්ටතා සම්මාන පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන මෙම සම්මාන උලෙළ මෙවර සංවිධානය කරන ලද්දේ 34 වන වරටයි.

මානව දයාවෙන් පිරි සමාජයක් බිහිකිරීමට කලාකරුවා ඉටුකරන මෙහෙවර මෙහිදී ඇගැයිමට ලක් කළ ජනාධිපතිවරයා මෙවන් සම්මාන උලෙළවල් සංවිධානය කිරීම තුළින් අවදි වන්නේ කලාකරුවන් ජාතිය වෙනුවෙන් ඉටුකරන එම විශිෂ්ට මෙහෙවර බව ද ප්‍රකාශ කළේය.

දේශීය සිනමාව, වේදිකාව හා ටෙලිනාට්‍ය කලාව මෙන්ම ලේඛන කලාව රැක ගනිමින් ප්‍රබුද්ධ ජන මතයක් ගොඩනැගීම වෙනුවෙන් එදා මෙදා තුර යුග මෙහෙවරක් ඉටුකළ සියලු කලාකරුවන් වෙත මෙහිදී ජනාධිපතිතුමා සිය ප්‍රණාමය පුද කර සිටියේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad