සම්බාහනය කරන මුවාවෙන් ස්විස් කතගේ රහස් තැන් අතපත ගෑ තරුණයා මාට්ටු - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 27, 2019

සම්බාහනය කරන මුවාවෙන් ස්විස් කතගේ රහස් තැන් අතපත ගෑ තරුණයා මාට්ටු

වැල්ලවාය ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී ස්විස් ජාතික කාන්තාවකට ලිංගික අතවර කළ හෝටලයේ සේවකයකු එම ස්විස් ජාතික කාන්තාවගේ පැමිණිල්ලකට අනුව 22දා අත්අඩංගුවට ගත් බව වැල්ලවාය
පොලිසිය පවසයි.  සැකකරු වැල්ලවාය ආනපල්ලම 04 කණුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයකු බව අනාවරණය වී තිබේ.

තිස් හැවිරිදි මෙම ස්විස් ජාතික කාන්තාව තම පෙම්වතා සමඟ ඉකුත් 20 වැනිදා මෙම සංචාරක හෝටලයට පැමිණ ලැගුම්ගෙන තිබේ. පසුව

මෙම කාන්තාව තමන්ට ශරීර සම්බාහනය සඳහා සේවකයකු සපයන ලෙස ඉකුත් 21 වැනිදා හෝටල් කළමනාකාරීත්වයෙන් ඉල්ලීමක් කර ඇත. ඒ අනුව කළමනාකාරීත්වය පෙර කී සැකකරු ඒ සඳහා යොදවා තිබේ.

නමුත් මෙම  සේවකයා සම්බාහනය මුවාවෙන් තමන්ගේ  අවසරයකින් තොරව තමන්ට හිරිහැර වන අන්දමින් තම ශරීරයේ විවිධ ස්ථාන අතපත ගෑ බව ස්විස් ජාතික කාන්තාව වැල්ලවාය පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත් මෙම හෝටල් සේවකයා වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතව තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad