අල්ලස් දූෂණ පනත පෞද්ගලික අංශයටත් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 27, 2019

අල්ලස් දූෂණ පනත පෞද්ගලික අංශයටත්

මේ වනවිට රාජ්‍ය අංශයට පමණක් සීමා වී ඇති අල්ලස් හෝ දූෂණ මර්දන පනත පෞද්ගලික අංශය ඇතුළු අංශ ගණනාවකට බලපාන පරිදි සංශෝධනය කිරීමට අල්ලස් හෝ දූෂණ මර්දන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

පෞද්ගලික අංශය ඇතුළු අංශ ගණනාවක අල්ලස් ලබාගැනීම, අල්ලස් ඉල්ලීම, ලිංගික අල්ලස්, ක්‍රීඩා අල්ලස් ලබා ගැනීම පිළිබඳ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින් අල්ලස් හෝ දූෂණ මර්දන පනත එම අංශවලටද බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පැන නැඟී ඇති බැවින් මෙම පියවර ගන්නා බව
අල්ලස් හෝ දූෂණ මර්දන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධව ඒ ඒ අංශවල විද්වත් අදහස් ලබාගෙන අදාළ සංශෝධන කෙටුම්පත් කිරීමේ කටයුතු නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව මඟින් අරඹා ඇතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරයි. මීට සමගාමීව වත්කම් හා බැරකම් පනතේ ඇතැම් වගන්තිද සංශෝධනය කෙරෙන බව හෙතෙම පවසයි. එමෙන්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සඳහා බුද්ධි අංශයක්, විශේෂ විමර්ශන ඒකකයක්, වෝහාරික පරිගණක අංශයක්, වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ඒකකයන් ස්ථාපිත කිරීමටද කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

-උපතිස්ස පෙරේරා-

No comments:

Post a Comment

Post Bottom Ad