බීමතින් පැමිණ කොස්සක් කැඩෙනතුරු දියණියට පහර දුන් පියා රිමාන්ඩ් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 28, 2019

බීමතින් පැමිණ කොස්සක් කැඩෙනතුරු දියණියට පහර දුන් පියා රිමාන්ඩ්

නිවෙසේ තිබුණු කොස්සක් කැඩෙනතුරු සිය දහසය හැවිරිදි පාසල් යන දියණියට පහරදී බරපතළ තුවාල කළ
පියකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තෙල්දෙණිය වැඩ බලන මහෙස්ත්‍රාත් නීතිඥ ශිරෝම් ප්‍රබෝධිකා නියාගම මහත්මිය නියෝග කළාය.

උඩුදුම්බර පොලිස් වසමේ කොබෝනිල්ල වතුයායේ පදිංචි මෙම පුද්ගලයා සිය බිරිය සමඟ නිතර අඩදබර කර ගන්නා නිතර මත්පැන් පානයට හුරු වූ පුද්ගලයකු
බවත් සිද්ධිය වූ දින රාත්‍රි කාලයේදී මෙම පුද්ගලයා අධික ලෙස බීමත්ව පැමිණ සිය බිරියට පහරදී පසුව ඔහුගේ වයස අවුරුදු දහසයක පාසල් යන දියණියට කොස්සක් කැඩෙනතුරු පහරදී තිබෙන බවත් පොලීස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

පහරකෑමට ලක්වූ දහසය හැවිරිදි දියණිය, සිය මව සමග එදින රාත්‍රියේම අත්තම්මාගේ නිවසේ පහන් වනතුරු සිට පහුවදා උඩුදුම්බර දිසා රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබා ඇත.


කේ.නිශ්ශංක

No comments:

Post a Comment

Post Bottom Ad