ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා නොදෙන්නැයි ඉල්ලා අතුරුදන් කර සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඊයේ (28) නීතිපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරියගෙන් ලිඛිත ඉල්ලීමක් කළාය.
එක්නැලිගොඩ මහත්මිය ඊයේ පස්වරු එම ලිඛිත ඉල්ලීම නීතිපතිට සහ අධිකරණ අමාත්‍යවරියට ඉදිරිපත් කළාය.
ඥානසාර හිමියන් වෙත එලෙස පොදු සමාවක් ලබා දුන් හොත් උන්වහන්සේ අගතියට පත් පාර්ශව වන තමන් , මහෙස්ත්‍රාත් , රජයේ නීතිඥවරුන්ට සිදු කරන්නාවූ අසාධාරණයක් වන හෙයින් මෙලෙස උන්වහන්සේට පොදු සමාව නොදෙන්නැයි නීතිපති ගෙන් සහ අධිකරණ ඇමතිවරිය ගෙන් තමා ඉල්ලා සිටින බවද එක්නැලිගොඩ මහත්මිය කීවාය.
ඥානසාර හිමියන්ට සමාව නොදෙන්නැයි ඉල්ලා තමන් ජනාධිපතිවරයා වෙතද ලිඛිත ඉල්ලීමක් කරන බවද සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පැවසුවාය.
ඥානසාර හිමියන්ට ලබන නිදහස් දිනයේදී නිදහස ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් බෞද්ධ ඇතුළු සංවිධාන රැසක් ජනාධිපතිවරයාගෙන් පසුගියදා කර තිබූ ලිඛිත ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් එක්නැළිගොඩ මහත්මිය ඉහත කී ලිපිය ඉදිරිපත් කර ඇත.
Monday, January 28, 2019
ඥානසාර හිමිට සමාව නොදෙන්නැයි සන්ධ්‍යා ගෙන් ඉල්ලීමක්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment