යකාගේ විදුලිබිලට යකාගේම උත්තරයක්‌. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 25, 2019

යකාගේ විදුලිබිලට යකාගේම උත්තරයක්‌.

Loading...

මාවනැල්ල, බදුරියා පාසල් මාවතේ නිවසකට එක්‌ මසකට රුපියල් 81895.95 ක විශාල විදුලි බිලක්‌ ලැබීම නිසා එහි නිවෙස්‌ හිමියා දැඩි සේ අසරණව ඇත.
මෙම නිවසට වෙනත් මාසවල විදුලි බිල ලෙස රු. 90.00 ක්‌ හෝ රු. 100.00 කට ආසන්න බිලක්‌ ලැබෙන බවත්, මෙම නිවස කාමර 03 කින් යුත් නිවසක්‌ බව එහි හිමිකරු සකිමිහිලාද් පවසයි.
මොහු මාවනැල්ල නගරයේ වෙළෙඳසලක සාමාන්‍ය සේවකයෙක්‌ ලෙස රැකියාව කරන බැවින් මෙවැනි මුදලක්‌ ගෙවීමට නොහැකි බව සහ එසේ එක්‌ මසක්‌ සඳහා විදුලි ඒකක 1913 ක්‌ දැවී ගියේ කෙසේදැයි ඔහු විදුලිබල මණ්‌ඩලයට අයත් මාවනැල්ල ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයෙන් විමසා ඇත.
එහි නිලධාරියකු පවසා ඇත්තේ නිවසේ සවිකර ඇති විදුලි මීටරයට මඳක්‌ දුරින් විදුලි කාන්දුවක්‌ පවතින බැවින් විදුලි ඒකක විශාල ප්‍රමාණයක්‌ දැවී ගොස්‌ ඇති බැවින් සහන ක්‍රමයක්‌ යටතේ මෙම විදුලිබිල ගෙවන ලෙසයි.
-දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad