අගමැතිට එරෙහි පෙත්සම විභාගයෙන් විනිසුරු දීපාලි ඉවත් වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 31, 2019

අගමැතිට එරෙහි පෙත්සම විභාගයෙන් විනිසුරු දීපාලි ඉවත් වෙයි

අගමැතිට එරෙහි පෙත්සම විභාගයෙන් විනිසුරු දීපාලි ඉවත් වෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම විභාග කිරීමේ විනිසුරු මඬුල්ලෙන් අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ඉවත් වී තිබේ.

ඇය අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරුවරියද වෙයි. පුද්ගලික හේතු සඳහන් කරමින් ඇය එම පේතසම් විභාගයෙන් ඉවත් වි තිබේ. 

කොළඹ නාගරික මන්ත්‍රිනි ශර්මිලා ගෝනවල මහත්මිය මෙම පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කළේය. එය අද දිනයේදී විභාගයට ගනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad