ජනපති යලිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 24, 2019

ජනපති යලිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරයි

සිංගප්පූරු සංචාරය නිමකර ලංකාවට පැමිණෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන් අනතුරුව තායිලන්තයේ සංචාරයක

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා මාස තුනකට වරක් පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී විය යුතුව තිබුණද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසරේ ඔක්තෝම්ර් 12 දාට පසුව පාර්ලිමේන්තුවට සහභාගී වී නොමැති බව ඊයේ (24) දින පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

වැඩිදුර කියවන්න

පිලිපීනයට, සිංගප්පූරුවට ගිය ජනපති ඊළඟට තායිලන්තයට - මාස 3කින් පාර්ලිමේන්තුවටත් ඇවිත් නැහැ

ඒ අනුව මාස තුනකට වැඩි කාලයක් ජනාධිපති සිරිසේන මහතා පාර්ලිමේන්තුවට සහභාගී නොවී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන ආකාරයට කටයුතු කර ඇති බවට ද ඊයේ(24) පාර්ලිමේන්තුවේදී සාකච්ඡා විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේ පැවසීය.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකීමට බැදී සිටිනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මාස තුනකට වරක් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට සහභාගී විය යුතුව තිබෙනවා. නමුත් එතුමා අවසන්වතාවට පාරිලිමේන්තුවට සහභාගී තිබෙන්නේ පසුගිය ඔක්තෝම්බර් 12 දා. මේ වනවිට මාස තුන ඉක්මවා තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකීම් ඉටුකිරීමට බැදී සිටියත් ඒ වගකීම ඉටුකිරීමට සඳහා ඔහු මාස 03 ට වරක් සහභාගී විය යුතුව තිබුණත් ඔහු මාස තුන ඉක්මවා  ගොස් තිබියදීත් පාරිලිමේන්තුවට සහභාගී වී නැති බව ඉතා හොදින් පෙන්වාදී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ තීන්දුව කුමක්ද කියා මම දැනගන්න කැමතියි.”

ජනාධිපතිවරයා රටේ මුලික නිතිය කඩ කල බවට පළමු වරට තහවුරු වුයේ ව්‍යවස්ථාව උල්ලංගනය කරමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය බවට අගවිනිසුරු ප්‍රමුඛ  ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් පසුගිය වසරේ දෙසැම්බර් මස ලබාදුන් තීන්දුවත් සමගය.

No comments:

Post a Comment

Post Bottom Ad