කොටි වල දැමූ රත්තරන් සොයමින් සිටි සැකකරුවන් පොලීසිය දැක උපකරණ දමා පලා යයි - එක් අයෙකු අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 27, 2019

කොටි වල දැමූ රත්තරන් සොයමින් සිටි සැකකරුවන් පොලීසිය දැක උපකරණ දමා පලා යයි - එක් අයෙකු අත්අඩංගුවට

කොටි වල දැමූ රත්තරන් සොයමින් සිටි සැකකරුවන් පොලීසිය දැක උපකරණ දමා පලා යයි - එක් අයෙකු අත්අඩංගුවට

වව්නියාව පූවර්සන්කුලම් චෙක්කඩිපිලව් ප්‍රදේශයේදී යුද සමයේ කොටි සංවිධානය විසින් වල දමල ලද රත්තරන් සොයමින් සිටි සැකකරුවන් පිරිසක් ඊයේ (27) දින වැටලීමේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට පූවර්සන්කුලම් පොලීසිය කියා සිටියේය.

වව්නියාව පූවර්සන්කුලම් පොලීසියට ලැබුනු තොරතුරකට අනුව චෙක්කඩිපිලව් කුංජිකුලම් වෙල් යායක අදාල සැකකරුවන් විසින් කොටි සංවිධානය වලදැමුවේ යැයි සැකසහිත ස්ථානයක රත්තරන් සෙවීමේ උපකරණද සමගින් පොළව හාරමින් සිට ඇති අතර එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් සිදුකරන ලද වැටලීමකදී සැකකරුවන් පලා ගොස් ඇති අතර එක් පුද්ගලයෙකු පමණක් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී පොළව යට රත්තරන් සෙවීමට හැකි ස්කෑනර් යන්තයක් ඇතුලු සන්නිවේදන උපකරණ කිහිපයක්ද පූවර්සන්කුලම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු අද (28) දිනයේදී වව්නියවා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර පලා ගිය සෙසු සැකකරුවන්ද අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ආරම්භ කොට ඇති බවටද පූවර්සන්කුලම් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:

Post a Comment

Post Bottom Ad