Loading...
ආබාධිත සහ මියගිය ති‍්‍රවිධ හමුදා රණවිරුවන් ස`දහා මෙතෙක් වයස අවුරුදු 55 දක්වා ගෙවන ලද වැටුප් හා අනෙකුත් දීමනා ජීවිතාන්තය දක්වා ඔවුන්ගේ බිරින්දෑවරුන් මෙන්ම යැපෙන්නන් වෙත ලබා දීමට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
මෙම සහනය තමන්ට ලබා දෙන ලෙස දීර්ඝ කාලයක සිට ආබාධිත රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් රජයෙන් ඉල්ලීම් කර තිබිණි.
ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා යුද මෙහෙයුම්වලදී හෝ ත‍්‍රස්තවාදී කි‍්‍රයා හේතුවෙන් මෙන්ම වෙනත් නීතිය කි‍්‍රයාත්මක කිරීමේ කටයුතු නිසා මියගිය සහ ආබාධිත රණවිරුවන්ගේ බිරින්දෑවරුන් සහ යැපෙන්නන් ස`දහා ජීවිතාන්තය දක්වා වැටුප් ගෙවන ලෙස පෙරේදා (26 වැනිදා* පැවති සාකච්ඡුාවකදී අදාළ අංශවලට උපදෙස් ලබා දී ඇත.
ජනාධිපතිවරයා මෙසේ උපදෙස් ලබා දී ඇත්තේ ආබාධිත හා මියගිය රණවිරුවන්ගේ ජාතික සංසදය සහ රණවිරු බිරින්දෑවරුන්ගේ දිස්ති‍්‍රක් හා ජාතික නියෝජිතයන් සම`ග පැවති සාකච්ඡුාවකදීය.
මේ අනුව ඉදිරි මාස දෙක තුළ මේ ස`දහා අවශ්‍ය පියවර ගැනීමට නියමිතව ඇත.
මෙම සාක්ච්ඡුාව ස`දහා ආරක්‍ෂක ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම් සනත් වීරසූරිය, ආරක්‍ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන අනුරාධ විජේකෝන් සහ විජිතා මායාදුන්නේ සම``ග ති‍්‍රවිධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.
සමන් ගමගේ
දිවයින පුවත්පත

No comments:
Post a Comment