තමන්ට ඕන දේ නොකළ නිසා මංගල රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය එළෙව්වා - විමල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 31, 2019

තමන්ට ඕන දේ නොකළ නිසා මංගල රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය එළෙව්වා - විමල්

රේගු අධ්‍යක්ෂ ජනරාල් පී. එස්. එම් චාර්ල්ස් මහත්මිය ඉවත්කිරීම සමග හටගෙන ඇති වර්ජනය සම්බන්ධයෙන් ව්පක්ෂ මන්ත්‍රී විමල් ළුීරවංශ නිවේදනයක් නිකුත් කර ඇත. එය පහතින්

 මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නියෝග පරිදි රේගු අධ්‍යක්ෂ ජනරාල් පී. එස්. එම් චාර්ල්ස් මහත්මිය ඉවත්කර දේශපාලන අවශ්‍යතා මත එ් සඳහා විශ‍්‍රාමික නාවික නිලධාරියකු පත් කිරීමත් සමඟ රේගු වෘත්තීය සමිති අකුරට වැඩ කිරීමේ ක‍්‍රියාමාර්ගයක් ගෙන ඇත.

රේගු බදු ආදායම් අඩුවීම සහ මත්ද්‍රව්‍ය රටට පැමිණීම වැළැක්වීම සඳහා රේගුඅධ්‍යක්ෂ ජෙනරාල්වරිය ඉවත් කළ බව මුදල් අමාත්‍යවරයා පවසයි. නමුත් සත්‍ය එය නොවේ. අවංක රාජ්‍ය නිලධාරිනියක වූ රේගුු අධ්‍යක්ෂ ජනරාල් පී. එස්. එම් චාර්ල්ස් මහත්මිය ඉවත් කර තම දේශපාලන හිතවතකු එ් සඳහා පත් කිරීමට හේතු වී ඇත්තේ ඇය මුදල් ඇමතිවරයාගේ ලේකම්වරුන්ගේ හා එජාප මැති, ඇමතිවරුන්ගේ බලපෑම්වලට යටත් නොවීම ය.

දිගින් දිගටම රේගුු අධ්‍යක්ෂ ජනරාල්වරියට බලපෑම් කරමින් ඉහත පිරිස් රේගුු බදු සහන ලබා ගැනීමට උත්සාහ කර තිබූ බව රටම දන්නා කරුණකි.
 ප‍්‍රීමා පිටි ගෙන්වීමේදී රේගුවට අයවිය යුතු රුපියල් මිලියන 475ක් ලබා ගැනීමට ක‍්‍රියාමාර්ග ගැනීමේදී අගමැති කාර්යාලයෙන් බලපෑම් එල්ල වීම, ඇමතිවරයකුගේ රැකවරණය මත බාල ගම්මිරිස් ටොන් 2800ක් බදු නොගෙවා ගෙන්වා ගැනීම, තීරුබදු රහිතව පොල්තෙල් මෙ.ටො. 469ක් ගෙන්වා රුපියල් මිලියන 81ක් රටට අහිමි කිරීම මේ ආණ්ඩුවේ ප‍්‍රබලයන් හා බැඳුණු රේගුවට සම්බන්ධ දූෂණ හා අක‍්‍රමිකතාවලින් කිහිපයකි.

ඉහත කී සාධාරණ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයට වහා විසඳුම් ලබා දී රේගුුු අධ්‍යක්ෂ ජනරාල්වරිය යළි සේවයේ පිහිටුවීමට කටයුතු කරන ලෙස අපි ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටිමු.

No comments:

Post a Comment

Post Bottom Ad