ආරවුල් නිම කර මෛත‍්‍රි-රනිල් යලිත් ජාතික ආණ්ඩුවක්,එජාප ප‍්‍රබල ඇමති නිවසේ සාකච්චා.,ජනපති සමීප ඥාතියා මැදිහත්කරු - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 26, 2019

ආරවුල් නිම කර මෛත‍්‍රි-රනිල් යලිත් ජාතික ආණ්ඩුවක්,එජාප ප‍්‍රබල ඇමති නිවසේ සාකච්චා.,ජනපති සමීප ඥාතියා මැදිහත්කරු

Loading...
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික‍්‍රමසිංහ ඇතුළු එජාප ආණ්ඩුව අතර ඇති ගැටලු සමනය කොට එජාප ශ‍්‍රීලනිප ජාතික ආණ්ඩුවක් ඉදිරියටත් පවත්වාගෙන යාමට ඉහල පෙලේ සාකච්චාවක් පැවැත්වෙන බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.
එජාප ජ්‍යෙෂ්ඨයෙකුගේ කොළඹ පිහිටි නිවසේදී ගිය අගහරුවාදි දිනයේ මේ ගැන තීරණාත්මක සාකච්චාවක් පැවැත්වී ඇතැයිද සදහන්ය.
ජනාධිපතිවරයාගේ පවුලේ සමීපම ඥාතියකු මෙම සාකච්චා සදහා සහභාගී වී ඇති බවත් නැවත මෛත්‍රීපාල සිරිසේන මහතාට මීලග ජනාධිපතිවරණයේදී ජනාධිපති ධූර අපේක්ෂකත්වය ලබා දීමක් ගැන එහිදී සාකච්චා වූ බවත් වාර්තාවේ දැක්වෙයි.
ගම්පහ දිස්ත‍්‍රික් එජාප තරුණ දේශපාලඥයෙකු මෙම පාර්ශවයන් දෙක සම්බන්ධීකරණය කර ඇති අතර ජනාධිපතිගේ ඥාතියා සාකච්චාවට කැදවාගෙන ගොස් ඇත්තේ ඔහු විසින් බවත් සදහන්ය.
ඉදිරි මැතිවරණ ගැනද මෙහිදී සාකච්චා වී ඇතැයිද වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.
-lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad