දිවයින පුරා ඖෂධවේදීහු වැඩ වරති - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 31, 2019

දිවයින පුරා ඖෂධවේදීහු වැඩ වරති

දිවයින පුරා ඖෂධවේදීහු වැඩ වරති

සේවා අවශ්‍යතාවක් නොමැතිව කරන ලද අනිසි බඳවා ගැනීමකට විරෝධය පළකරමින් දිවයින පුරා රජයේ ඖෂධවේදීහු අද (01)  ලෙඩ නිවාඩු දමා ඇත.
 
මේ සම්බන්ධව අදහස් දක්වමින් රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රියංකර පෙරේරා මහතා පැවසූයේ  වැඩ වර්ජනය ක්‍රියාත්මක වුවද ළමා රෝග, පිළිකා, වකුගඩු රෝග සහ හදිසි අනතුරු වැනි අත්‍යාවශ්‍ය කටයුතු රෝගීන්ට අපහසුතාවයක් සිදු නොවන පරිදි පවත්වාගෙන යන බවයි.
 
අද(01)  සවස සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමග සාකච්ඡාවක් පවැත්වීමට  වාචික කැඳවීමක් ලැබී ඇති බවත් ගැටලුව යහපත් ලෙස විසඳේ යැයි බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
 
 මීට පෙර මෙම ගැටලුව සම්බන්දව දැනුම් දුන්නද සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය ක්‍රියාමාර්ග නොගත්  බැවින් වැඩවර්ජනයක්  සිදුකිරීමට තීරණය කළ බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad