ගිවිසුම වෙනස් කිරීම ගැන සිංගප්පූරුවේ කණස්සල්ල - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 31, 2019

ගිවිසුම වෙනස් කිරීම ගැන සිංගප්පූරුවේ කණස්සල්ල

ගිවිසුම වෙනස් කිරීම ගැන සිංගප්පූරුවේ කණස්සල්ල

ශ්‍රී ලංකා - සිංගප්පූරු ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම සංශෝධනය කරන බවට මෙරට පාර්ශවය කළ දැනුම්දීම පිළිබඳව සිංගප්පූරු රජය කණස්සල්ල පළ කර තිබේ.

මේ වන විටත් ක්‍රියාත්මක කීරිම ආරම්භ කර ඇති ශ්‍රී ලංකා - සිංගප්පුරු ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුමට සංශෝධන ගෙන එන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කළ දැනුම්දීමට සිය නොසතුට පළ කරන බව සිංගප්පුරු රජය සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍යාංශය වෙත රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් දැනුම් දී තිබේ.

සිංගප්පූරු රජය කළ රාජ්‍ය තාන්ත්‍රික දැනුම්දීමට ප්‍රතිචාර දක්වමින් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍යාංශය පැහැදිලි කර ඇත්තේ ශ්‍රී ලංකා පාර්ශවයෙන් ඉටුවිය යුතු යුතුකම් ඒ ආකාරයෙන්ම ඉටු කරන බවය.

ශ්‍රී ලංකා - සිංගප්පූරු ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම පදනම් කර ගනිමින් සිංගප්පුරු රජය ශ්‍රී ලංකාව ගැන ඇති කර ගෙන ඇති ආකල්පය වෙනස් කිරිම සඳහා ඉහලම රාජ්‍ය නියෝජිත පිරිසක් ලබන සතියේ සිංගප්පුරුව බලා පිටත්ව යාමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad