පළාත් සභා 9 ම මැතිවරණය එකම දිනක - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 31, 2019

පළාත් සභා 9 ම මැතිවරණය එකම දිනක

පළාත් සභා 9 ම මැතිවරණය එකම දිනක

පළාත් සභා 9 ම මැතිවරණය එකම දිනක පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

රජය මෙම තීරණය ගෙන ඇත්තේ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් හා විෂයභාර අමාත්‍යවරයා සමඟ පැවැති දීර්ඝ සාකච්ඡාවකදීය.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ  පළාත් සභා මෙන්ම පළාත් පාලන ආයතන ඡන්දයද එකම දිනකදී පවත්වන බවට එක්සත් ජාතික පෙරමුණ 2015 ජනවාරි 08 රජය පිහිටුවිමේ ප්‍රචාරක ව්‍යපාරයේදි ජනතාවට ප්‍රතිඥා දුන් බවය

එළබෙන මැයි 31 වනදාට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සදහා ජනාධිපතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කල අතර එය සම්මත කිරීම ලබන සතිය දක්වා කල් දැමුණේ  විෂය භාර අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ නිරීක්ෂණ ලබා දීමටය.

මේ අතර  පළාත් සභා මැතිවරණය  පැවැත්වීම සදහා වන නීති යාවත්කාලීන කිරීම සඳහා පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කළ ඉල්ලීම ක්‍රියාත්මක කිරීමටද  පාර්ලිමේන්තු පක්ෂ නායකයින් එකගත්වය පල කර තිබේ.

සබරගමුව, නැගෙනහිර, උතුරු මැද, වයඹ, මධ්‍යම, උතුර යන පළාත් සභාවන් හි නිල කාලය මේ වන විට අවසන්ව ඇත.

බස්නාහිර හා දකුණු පළාත් සභාවන් හි නිල කාලය අප්‍රේල් මාසයේදි අවසන් වන අතර  ඌව පළාත් සභාවේ නිල කාලය ලබන ඔක්තෝම්බර් මාසයේදි අවසන් විමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad