තල්මසුන් බලන්න රජය මිල නියම කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 31, 2019

තල්මසුන් බලන්න රජය මිල නියම කරයි

තල්මසුන් බලන්න රජය මිල නියම කරයි

මිරිස්ස මුහුදේ තල්මසුන් නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගෙන් මුදලක් අයකර ගැනීමට රජය තීරණය කර තිබේ.

මුදල් අයකර ගැනීමට අදාල ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇති අතර ඊට අදාලව වැඩිහිටි පුද්ගලයෙකුගෙන් රුපියල් 150ක් සහ අවුරුදු 6 -12 වයස් කාණ්ඩයේ පසුවන දරුවන්ගෙන් රුපියල් 75ක ගාස්තුවක් අයකරනු ලැබේ.

මෙතෙක් මිරිස්ස මුහුදු තීරයේ තල්මසුන් නැරඹීමට රජයට ගාස්තුවක් ගෙවිය යුතු නොවූ අතර තල්මසුන් නැරඹීම සඳහා යාත්‍රා හිමියන් විසින් මුදලක් අයකර ගනු ලැබිණි.

මෙම ගාස්තුවට අමතරව දේශීය සංචාරකයෙකුගෙන් රුපියල් 50ක සේවා ගාස්තුවක් සහ විදේශික සංචාරකයෙකුගෙන් ඇමරිකානු ඩොලරයක සේවා ගාස්තුවක් අයකරනු ඇත.

කෙසේ වෙතත් කල්පිටිය සහ ත්‍රිකුණාමල  සමුද්‍රිය කලාප තුළට පිවිසීමේදී මෙතෙක් අයකළ ගාස්තු එලෙසම පවතින බව වනජීවී දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ චන්න සුරවීර මහතා පැවසීය.

අද(31) පෙරවරුවරුවේ සංචාරයක නිරත වෙමින් වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා නව ගාස්තු ඇතුළත් පළමු ටිකට්පත ලබාගනිමින් නව ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කරවීය.

No comments:

Post a Comment

Post Bottom Ad