ජනපති ප්‍රධානත්වයෙන් උත්තර දේවී ගමන් අරඹයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 27, 2019

ජනපති ප්‍රධානත්වයෙන් උත්තර දේවී ගමන් අරඹයි

ජනපති ප්‍රධානත්වයෙන් උත්තර දේවී ගමන් අරඹයි

''උත්තර දේවී'' කොළඹ යාපනය නව දුම්රිය බලවේග කට්ටලය ජනතා අයිතියට පත්කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ පැවැත් විය.

එම අවස්ථාවට ඉන්දියානූ මහකොමසාරිස් තරංජිත් සිං සන්දු මහතාද එක් විය.

"උත්තර දේවී'' කොළඹ යාපනය S 13 නව දුම්රිය බලවේග කට්ටලය ජනතා අයිතියට පත්කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී අද පෙරවරුවේ පැවැත්විය.

අනතුරුව පෙරවරු 0600ට පමණ එම දුම්රිය බලවේග කට්ටලය යාපනය කන්කසන්තුරෙයි බලා ගමන් ආරම්භ කළේය.

එම දුම්රිය බලවේග කට්ටලය කිලිනොච්චි අරවියල් නගර් උප දුම්රිය ස්ථානය වෙත පෙරවරු 11.15ට ලගා වීමෙන් පසු එම දුම්රිය ස්ථානය විවෘත කිරිම සිදු කිරිමටද නියමිතයි.

පස්වරු 1.00ට එම දුම්රිය බලවේග කට්ටලය යාපනය දුම්රිය ස්ථානය වෙත ලඟාවීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad