බැංකොක් සිට නීති විරෝධීව ලක්ෂ අටක කුරුල්ලන් ගෙනා ව්‍යාපාරිකයා කටුනායකදී කොටු - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 25, 2019

බැංකොක් සිට නීති විරෝධීව ලක්ෂ අටක කුරුල්ලන් ගෙනා ව්‍යාපාරිකයා කටුනායකදී කොටු


කුරුල්ලන් 57 දෙනෙකු නිසි අවසරයකින් තොරව මෙරටට ගෙන ආ ශ්‍රි ලාංකීක ගුවන් මගියෙකු පෙරේදා (23) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළේදී රේගුවේ ජෛව විවිධත්ව ඒකකයේ නීලධාරින් පිරිසක් විසින්
අත්අඩංගුවට ගනු ලැබ ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසිය.

 මොහු හලාවත, මාරවිල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සුරතල් සතුන් අලෙවි කරන ව්‍යාපාරිකයකි. ඔහු එදින රාත්‍රී 10.45 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 407
දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි.

ගමන් මලු කීපයක ප්ලාස්ටික් කුරුළු කූඩුවල දමා මෙම කුරුල්ලන් රැගෙන විත් තිබුණි. මෙම කුරුල්ලන්ගේ වටිනාකම ලක්ෂ 8ක් පමණ වන බව රේගුව කියයි.

''සන් කෝනර්'' වර්ගයේ එක් කුරුලකුද , ''පැසිපික්'' වර්ගයේ කුරුල්ලන් 20 ක් ද, වර්කසින් වර්ගයේ කුරුල්ලන් 02 ක් ද, ''රෙඩ් ලෝරි'' වර්ගයේ කුරුල්ලන් 12 ක් සහ ''ග්‍රීන් චික්ස්'' වර්ගයේ කුරුල්ලන් 22 ක් ද සිටි බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙම ව්‍යාපාරිකයා ශ්‍රී ලංකාවේ වනජීවි සහ වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධාන මෙන්ම සත්ව නිරෝධායන පනත් විධිවිධාන ද උල්ලංඝනය කර ඇතැයි රේගුව වැඩිදුරත් පවසයි.


 (කටුනායක ටී.කේ.පී. කපිල)

No comments:

Post a Comment

Post Bottom Ad