Loading...
ලෝකයේ පොෂ් එකට ඉන්න ක‍්‍රිකටර්ස්ලා නයිට් ක්ලබ්ස් යනවා නොවැ. ඒ හින්දා මෙහෙව් රටේ එවුනුත් ඔන්න ඔසී ගිහින් නයිට් ක්ලබ් ෆන් ගත්තා කියලා තෙවැනි විනිසුරුට ආටා මල්ලි හොට් නිව්ස් එකක් දීලා. කාලෙකින් තෙවැනි විනිසුරුට ක‍්‍රිකට් ගැන හොයන්න බැරි වුණ නිසා තමයි ආටා මල්ලී මේ සීන් එක කියලා තියෙන්නෙ.
‘‘සෑර් දැන් මෙහෙව් රටේ සෙල්ලම ගැන හොයන්නෙත් නැතිව පාඩුවේ ඉන්නවා නේද? ඒත් සෑර් අපිට පාර්ක් එකේ ඉන්න හින්දා මේ සෙල්ලමේ අලකලංචි ඕනෑ තරම් ලීක් වෙනවා නොවෑ.’
‘අනේ ආටා මල්ලි මම දැන් සෙල්ලම ගැන ෆලෝ කොරන එක අතහැරලා ඉන්නෙ. මොකද ඇෙග් මාළු නටනවා නොවෑ මුන් කොරන විගඩම් දැක්කහම.’
‘ඒ වුණාට සෑර් ඔසී ගිය සැට් එක මේ පාර මාර ෆන් ගන්නවලූ.’ ‘ ඕක ඉතිං අලූත් කතාවක් නෙමෙයිනෙ ආටා මල්ලි. පහුගිය දවස්වල වැන්ඩා කියලා දඟයකුත් කොදෙව්වෙදි නයිට් ක්ලබ් ගිහිං අතරමං වෙලා ගෙදර එව්වෙ. ඊටත් වඩා අපේ එවුන් තරු හතේ ආතල් කොල්ලොනෙ. ඒක ගන්න තමා උන් ඔය ක‍්‍රිකට් සෙල්ලම කොරන්නෙ.’
‘හරි හරි සෑර් කියන කතාව ඇත්ත. මගේ ඔසී යළුවෙක්ගෙ යාළුවෙක් තමයි මේ ක‍්‍රිකට් සෙට් එකේ හතර පස්දෙනෙක්වම නයිට් ක්ලබ් එක්කොරං ගිහින් තියෙන්නෙ. මගේ යාළුවා කිව්වලූ මැච් එකට කලින් දවසෙනම් ඕකුන්ව එක්ක යන්න එපා මොකද අපිට ලොස්ට් වෙනවා බලන් ඉදලා දැන් ජබර කලන්තෙ වගේ කියලා.‘
‘හරියටම හරි ආටා මල්ලිගෙ කතාව. මුන් නයිට් ක්ලබ් යන හින්ද තමා ප‍්‍රැක්ටිස් සෙසන් එකෙත් පිස්සු කෙළින්නෙ. මගේ කසීන් කෙනෙක් ඉන්නවනෙ ඔසීවල. මිනිහා ඉතිං අපේ එවුන් ප‍්‍රැක්ටිස් කොරනවා බලන්න ගිහිං තියෙනවා ගැබා එකට. වැඬේ කියන්නෙ 5ට අහවර කොරන්න ඕන ප‍්‍රැක්ටිස් එක අපේ එවුන් ෂෝට් ලිව් දාලා. ඒ කියන්නෙ 4.15 ට ඕෆ් වෙලාලූ. කසීන්ට හොදටම තද වෙලා. මොකද මිනිහා ගිහිං තියෙන්නෙ සෙල්ෆි ටිකක් ගන්න.’
‘අයියෝ සෑර් ඕකුන් එක්ක මොන සෙල්ෆිද? හැබැයි සෑර් කසීන්ට කියන්න ඒ ලඟ පාත නයිට් ක්ලබ් එකකට ගියොත් සෙල්ෆි ගන්න මේ සැට් එක අල්ලගන්න පුළුවන් වෙයි කියලා.’
‘අටා මල්ලිගෙ කතාවත් ඇත්ත තමා. කටුස්සන්ගෙ කරේ රත්තරන් බැන්ද වගේ වැඩක් නොවෑ අපේ ක‍්‍රිකට් සැට් එකට වෙලා තියෙන්නෙ. ගහන ලබ්බකුත් නැහැ. ඒ වුණාට මුන් කොරන්නෙ ෆයිස්ටාර් වැඩ. අර අල්ලපු රටේ කෝලි කුට්ටු මල්ලිගෙන්වත් මුන්ට ක‍්‍රිකට් ඉගෙන ගන්න ක්ලාස් එකක් දැම්මොත් හොඳා...මම ගිහින් එන්නම් මල්ලි.
-දිවයින පුවත්පත

No comments:
Post a Comment