"භික්ෂූන් වහන්සේලා උතුරේ සිංහල ජනපද පිහිටුවීම වහාම නතර කල යුතුයි" - දෙමළ ජාතික සන්ධානය - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 28, 2019

"භික්ෂූන් වහන්සේලා උතුරේ සිංහල ජනපද පිහිටුවීම වහාම නතර කල යුතුයි" - දෙමළ ජාතික සන්ධානය

වවුනියාවේ නෙඩුන්කේණී ප්‍රදේශයේ පිහිටි පාරම්පරික දෙමළ ගම්මාන බෞද්ධ භික්ෂූන් වහන්සේ හා ආරක්ෂක අංශ එක්ව සිංහල ජනපද බවට පත් කිරීම වහාම නතර කළ යුතුව ඇතැයි දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.

යුද සමයේදී මේ පාරම්පරික දෙමළ ගම්මාන වල ජීවත් වූ ජනතාව  ආරක්ෂාව පතා වෙනත් පළාත්වලට ගොස් ආපසු පැමිණ බලන විට ඔවුන්ගේ ගම්මාන වල නම් සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බව දෙමළ ජාතික සන්ධානය කියා සිටියි.

වවුනියාවේ නෙඩුන්කේණී ප්‍රදේශයේ  කාච්චල් සමලන්කුලම් යනුවෙන් හැදින්වූ ගම්මානය ආරක්ෂක අංශ හා බෞද්ධ භික්ෂූන් වහන්සේ එක්ව සපුමල්ගස් කඩ වශයෙන් හදුන්වා නාම් පුවරු පවා සවිකොට ඇති බව පවසන දෙමළ ජාතික සන්ධානය  මේ තත්ත්වය නිසා පාරම්පරික දෙමළ වැසියෝ දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව කියා සිටිති.

මෙම ගම්මානය පමණක් නොව මේ පළාතේ ගම්මාන රැසක් නම් වෙනස් කොට ඇති බව කියන දෙමළ ජාතිකසන්ධානය එම නම් තැපැල් කාර්යාල වල.ගොවිජන සේවා මධ්‍යස්ථාන වල පවා ලියාපදිංචි කොට තිබීම  ඉතා බරපතල වරදක් බවද කියා සිටියි.

(දිනසේන රතුගමගේ)

No comments:

Post a Comment

Post Bottom Ad