රේගු වැඩවර්ජනය අඛණ්ඩව - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 31, 2019

රේගු වැඩවර්ජනය අඛණ්ඩව

රේගු වැඩවර්ජනය අඛණ්ඩව

රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා රාජ්‍ය පරිපාලන සේවය හෝ ශ්‍රි ලංකා රේගු සේවයේ විශේෂ නිලධාරීයෙකු පත්කරන තෙක් රේගු නිලධාරීන් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටියි.

රේගු වෘත්තීය සමිති සන්ධානය, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ ලේකම් වරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී තිබේ.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස විශ්‍රාමික ආරක්ෂක සේවා නිලධාරීයෙකු පත් කිරීමට එරෙහිව රේගු නිළධාරීන් ඊයේ(31) ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රේගු සම්බන්ධ කටයතු ඇනහිට තිබේ.

මුදල් අමාත්‍යාංශය ඊයේ පස්වරුවේ, මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.ජී සුමනසිංහ මහතා ශ්‍රි ලංකා රේගුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර තිබුණි.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගූණවර්ධන මහතා ප්‍රකාශ කළේ රේගු නිලධාරීන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සාධරණ බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad