පාර්ලිමේන්තුවේ ගණපූරණය රකින්න ඒකාබද්ධය කාල සටහනක් හදයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 31, 2019

පාර්ලිමේන්තුවේ ගණපූරණය රකින්න ඒකාබද්ධය කාල සටහනක් හදයි

පාර්ලිමේන්තුවේ ගණපූරණය ආරක්ෂා කර ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් කාලසටහනක්
ක්‍රියාත්මක කිරීමට පෙරේදා (29දා)
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විපක්ෂයේ පක්ෂ නායක හමුවේදී තීරණය වී තිබේ. ඒ අනුව පාර්ලිමේන්තුව පැවැත්වෙන සෑම වේලාවකම මන්ත්‍රිවරුන් 20 දෙනා බැගින් සභාව තුළ සිටීමට තීරණය වී ඇත.

එම කාලසටහන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය හරහා ඉදිරි සතියේදී මන්ත්‍රිවරුන්ට ලබාදීමට නියමිතය. පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ පැවැති සභාව කල් තැබීමේ විවාදයේදී ගණපූරණය නොමැති වීම හේතුවෙන් පාර්ලිමේන්තුව කල් දැමීමට සිදුවීම ගැන පක්ෂ නායක හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා වීමෙන් පසුව මෙම තීරණය ගෙන තිබේ.


-රුචිර දිලාන් මධුශංඛ-

No comments:

Post a Comment

Post Bottom Ad