ඇමෙරිකානු යුද උපකරණ කටුනායකට ගොඩබායි,පොලීසියට රේගුවට හමුදාවට බැලීමත් තහනම්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 26, 2019

ඇමෙරිකානු යුද උපකරණ කටුනායකට ගොඩබායි,පොලීසියට රේගුවට හමුදාවට බැලීමත් තහනම්.

Loading...
ඇමෙරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ භාවිත කරමින් ඉන්දීය සාගරයේ ඇති සිය යුද නැව්වලට උපකරණ සැපයීමේ මෙහෙයුම ආරම්භ කර ඇත. 

මෙම මෙහෙයුම සඳහා උපකරණ රැගත් ඇමෙරිකානු නාවික හමුදාවට අයත් ගුවන් යානා කටුනායකට පැමිණේ.එහෙත් එම ඇමෙරිකානු නාවික ගුවන් යානාවලින් ගෙන එන උපාංග සහ භාණ්ඩ පරීක්‍ෂා කිරීමට ශ‍්‍රී ලංකාවේ රේගුවට, හමුදාවට හෝ පොලිසියට අවසර නැත. මෙම නාවික ගුවන් යානා පසුගිය සිකුරාදා කටුනායක ගුවන්තොටුපළට පැමිණ තිබේ. ඒ සී. 40 වර්ගයේ හර්කියුලස් යානායි.

 කටුනායකට ගෙන එන භාණ්ඩ ඉන්දීය සාගරයේ ඇති ජෝන් ස්ටෙන්නිස් නමැති න්‍යෂ්ටික බලයෙන් ක‍්‍රියාකරන යෝධ ගුවන් යානා ප‍්‍රවාහන නැවට ද සැපයේ.පසුගිය වසරේ අගෝස්තු 28 දා කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ ශ‍්‍රී ලංකා රජය අතර ඇති වූ එකඟතාව මත ඇමෙරිකානු නාවික හමුදාවේ යානාවලට ජාත්‍යන්තර ගුවන්තොටුපළක් වූ කටුනායක වෙත පැමිණීම සඳහා රජය අවසර දී තිබේ. මෙම භාණ්ඩ ප‍්‍රවාහන මෙහෙයුම ජනවාරි 29 දා දක්වා ක‍්‍රියාත්මක වේ.මේ බව කොළඹ ඇමෙරිකානු තානාපතිනිය හෙළිකර ඇතත් ශ‍්‍රී ලංකා රජය අනාවරණය කර නැත.
-දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad