මොරටුවේදී ආරවුල දුරදිග ගොසින් ගලකින් ගසා කාන්තාවක මරලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 25, 2019

මොරටුවේදී ආරවුල දුරදිග ගොසින් ගලකින් ගසා කාන්තාවක මරලා


මොරටුව කොරළවැල්ලේදී දෙපිරිසක් අතර ඇති වූ බහින් බස්විමක් අතර තුර
ගල්ප්‍රහාරයකින් 48 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.

ඊයේ (25) සවස ඇතිවූ කතාබහ දුරදිග ගිය අවස්ථාවේ පුද්ගලයෙකු විසින් ඇයට ගලකින් පහරදී ඇති අතර එම ගල ඇගේ හිසේ වැදීමෙන් පසු බරපතල තුවාල ඇතිවී ඇය රෝහල් ගත කිරීමේදී මිය ගොස් තිබේ.
මියගොස් ඇත්තේ මොරටුව කොරළවැල්ලේ 48 හැවිරිදි ලලිතා ප්‍රනාන්දු නමැති කාන්තාවකි.

මෘත ශරීරය පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මහේස්ත්‍රාත් පරීක්ෂනය සහ පශ්චාත් මරණ පරීක්ෂණය 2019.01.26 වන අද දින සිදු කිරීමට නියමිතයි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.
මොරටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

No comments:

Post a Comment

Post Bottom Ad