තණමල්විලෙන් කෙසෙල් වගාව වනසන දළඹුවෙක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 27, 2019

තණමල්විලෙන් කෙසෙල් වගාව වනසන දළඹුවෙක්


තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිවුල්ආර ප්‍රදේශයේ වගා කර ඇති කෙසෙල් වගාවක සිටියදී හඳුනා නොගත් දළඹුවකු හමු වී ඇත. මෙම දළඹුවන් වගා කර තිබූ කෙසෙල් ගස්වල කොළ කමින් සිටියදී
සොයාගෙන ඇති අතර
කෙසෙල් කොළය සම්පූර්ණයෙන්ම ආහාරයට ගන්නා බව ගොවීහු පවසති.

සුදු පැහැයකින් යුත් මෙම දළඹුවන් විශේෂය මීට පෙර කිසිදු අවස්ථාවක දැක නැති බව ප්‍රදේශයේ ගොවි ජනතාව පවසති. දළඹුවා ඉතා කෙටි කාලයක් තුළ කෙසෙල් කොළයක් කා විනාශ කරන බව වගා හිමියෝ පවසති. මේ පිළිබඳව කඩිනමින් සොයා බලා සේනා දළඹුවා පරිද්දෙන් කෙසෙල් වගා විනාශ කරනතුරු නොසිට හැකි ඉක්මනින් විසඳුමක් ලබාදෙන ලෙස ගොවි ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරති.

-බුත්තල  නයන කුමාර-

No comments:

Post a Comment

Post Bottom Ad