දැලිපිහියෙන් රහස් අවයව කපා බිරිඳ මැරූ සැමියා එල්ලුම්ගස්‌ - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 27, 2019

දැලිපිහියෙන් රහස් අවයව කපා බිරිඳ මැරූ සැමියා එල්ලුම්ගස්‌

හිසට හිරමනයෙන් පහර දී දැලිපිහියෙන් ලිංගේන්ද්‍රිය කපා තම බිරිඳ මරා දැමු පුද්ගලයකු එල්ලා මැරීමට රත්නපුර අංක 01 මහාධිකරණයේ විනිසුරු නවරත්න මාරසිංහ මහතා 22 දා නියෝග කළේය.

එසේ මරණ දණ්‌ඩනය නියම වූයේ බලන්ගොඩ පදිංචි තංගරාසු රාමචන්ද්‍රන් නමැති 45 හැවිරිදි අයකුටය.

2012 ඔක්‌තෝබර් මස 22 වැනිදා අපර බලන්ගොඩ වත්තේදී වෙල්ලසාමි පරමේශ්වරි නමැත්තිය මරා දැමුවේ යැයි විත්තිකරු රත්නපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටියේය.

විත්තිකරු චෝදනාවට නිවැරදිකරු බව පවසන ලදුව නඩු විභාගය දීර්ඝ ලෙස පවත්වනු ලැබිණි. ඝාතනයට ලක්‌වූ කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකළ විශේෂඥ අධිකරණ වෛද්‍ය උත්පල ආටිගල මහතා සාක්‍ෂි දෙමින්, යටිකයේ තුවාල හේතු කොටගෙන කාන්තාව මිය ගොස්‌ ඇති බව සඳහන් කළේය.

ඇසින් දුටු සාක්‍ෂි කිසිවක්‌ නොමැති වුවද පර්යේෂණීය සාක්‍ෂි පමණක්‌ පදනම් කරගෙන මෙහෙයවූ සාක්‍ෂි මත චෝදනාවේ සඳහන් වරද සිදුකළ පුද්ගලයා මිස අන්කිසිවකු නොවන බවට සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල විසින් මනා ලෙස ඔප්පු කර ඇති බව විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශ කරන අවස්‌ථාවේ පැවසීය.

මරණ දඬුවම නියම කිරීමට පෙර කීමට යමක්‌ තිබේ දැයි විනිසුරු විත්තිකරුගෙන් විමසූවිට ඔහු පැවසුවේ තමාට සිර දඬුවමක්‌ ලබා දෙන ලෙසය. රජයේ අධිනීතිඥ කනිෂ්ක රාජකරුණා මහතා පැමිණිල්ල මෙහෙය වීය.

 - තිලකසිරි දැලබණ්‌ඩාර-

No comments:

Post a Comment

Post Bottom Ad