UNP ඇමැතිවරු 20කගේ ෆයිල් ජනපති කොමිසමට - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 26, 2019

UNP ඇමැතිවරු 20කගේ ෆයිල් ජනපති කොමිසමට

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ආණ්ඩුවේ පසුගිය තුන් වසරක වංචා දූෂණ සෙවීම සඳහා පත්කර ඇති විශේෂ ජනාධිපති කොමිසමට ඒකාබද්ධ විපක්ෂයෙන් ටොප් 20 නමින් රජයේ මැති ඇමැතිවරුන්ගේ වංචා දූෂණ ඇතුළත් ලිපිගොනු විස්සක් භාරදීමට කටයුතු කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධනගෙන් විමසූ අවස්ථාවේ ඔහුද එම තොරතුරු සනාථ කළේය.

ඔහු සඳහන් කළේ මහ බැංකුවේ සිදුව ඇති බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම හෙළිදරව් කරගත් කරුණු අනුව ඉබි ගමනේ නමුත් නීතිය ක්‍රියාත්මක වන නිසා රජයේ මැති ඇමැතිවරු විස්සකට අධික පිරිසකට එල්ලවී ඇති දූෂණ හා වංචා චෝදනා පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය සතු තොරතුරු කොමිසම වෙත භාරදීමට කටයුතු කරන බවය.

No comments:

Post a Comment

Post Bottom Ad