විශාලතම කුඩු තොග හසුවීමේ වාර්තාව අලුත්වේ කිලෝ 294 ක් කොල්ලුපිටියේ කාර් පාර්ක් එකක - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 23, 2019

විශාලතම කුඩු තොග හසුවීමේ වාර්තාව අලුත්වේ කිලෝ 294 ක් කොල්ලුපිටියේ කාර් පාර්ක් එකක

https://www.gossiplankanews.com/2019/02/294kg-heroine-racket-kolpity.html#more
සුගිය දෙසැම්බර් මාසයේ දෙහිවලදී හසුවූ මෙතෙක් මෙරටින් සොයා ගත් විශාලතම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ කිලෝ 278 වාර්තාව බිඳ හෙළමින් හෙරොයින් කිලෝග්‍රෑම් 294 ග්‍රෑම් 490ක්, සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට
පොලිසියට ඊයේ හැකි විය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) කොල්ලුපිටිය ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී මෙම තොගය සොයාගෙන තිබේ.
එම වැටලීමේ දී සැකකරුවන් දෙදෙනෙකු සමඟ වෑන් රථ දෙකක් ද අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා විය.
එහිදී


ඊයේ(23) සවස කොල්ලුපිටිය ‍සුපිරි වෙළඳ සංකීර්ණයක් අසල ඇති රථ වාහන ගාල් කරනු ලබන ස්ථානයේ දී අලුත්ම වාහන කිහිපයක මෙම මත්ද්‍රව්‍ය තොග රඳවා තිබියදී මෙම වැටලීම සිදු කර තිබේ.
ගමන් මලු 10ක පාර්සල් 272 ක් ලෙස සකස් කර වෑන් රථ දෙක තුල මෙම හෙරොයින් තොගය අසුරා තිබු බව පොලිසිය සඳහන් කළේය.
 හසුවූ හෙරොයින් කිලෝග්‍රෑම් 294 යි ග්‍රෑම් 490  වටිනාකම රුපියල් මිලියන 2945 ක් බව ද  පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 32 හා 43 වයස්වල පසුවන පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ.

මත්ද්‍රව්‍ය ඡාවාරම් කිරීමේ අරමුණින් මෙම හෙරොයින් තොගය ළඟ තබා ගෙන සිට ඇතැයි පොලීසිය සැක පළ කරයි.
 අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.






No comments:

Post a Comment

Post Bottom Ad