මෙරටින් සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය කොල්ලුපිටියෙන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 23, 2019

මෙරටින් සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය කොල්ලුපිටියෙන්

මෙරටින් සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය කොල්ලුපිටියෙන්
File Photo කොල්ලුපිටිය, සුපිරි වෙළෙඳ සංකීර්ණයක රථ ගාලකින් රුපියල් මිලියන 2945 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සොයාගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධ ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් සොයාගත් එම හෙරොයින් තොගයේ බර කිලෝග්‍රෑම් 294 යි ග්‍රෑම් 490 ක්. එය මෙරටින් සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් 43 සහ 32 හැවිරිදි පානදුර කෙසෙල්වත්ත පදිංචිකරුවන්ය.

No comments:

Post a Comment

Post Bottom Ad