Loading...
මෙතෙක් මෙරටින් අත්අඩංගුවට ගන්නා ලද විශාලතම හෙරොයින් තොගය පොලිසිය විසින් ඊයේ රාත‍්‍රියේ අත්අඩංගුවට ගන්නා ලදී.
කිලෝ ග‍්‍රෑම් 294.490ක් වූ මෙම තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ කොල්ලුපිටියේ පිහිටි සුපිරි වෙලද සංකීර්ණයක රථ ගාලක ගාල් කර තිබූ වාහන දෙකකිනි.
මෙම මත්ද‍්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 2945 ඉක්මවන බව පොලීසිය කියයි.
මෙම තොගය සමගින් වාහන දෙක හා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිස් මත්ද‍්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව මෙම වැටලීම සිදු කර තිබේ.
-sinhalalankanews
-sinhalalankanews
No comments:
Post a Comment