වරදක් කර ඇත්නම් අමල්ට හා නදීමාල්ට හිමිවන දඬුවම ගැන නීතිඥවරයා කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 22, 2019

වරදක් කර ඇත්නම් අමල්ට හා නදීමාල්ට හිමිවන දඬුවම ගැන නීතිඥවරයා කියයි

වරදක් කර ඇත්නම් අමල්ට හා නදීමාල්ට හිමිවන දඬුවම ගැන නීතිඥවරයා කියයි

මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ගායක අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා ශ‍්‍රී ලංකාවට පිටුවහල් කරනු ඇතැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාබ්දික වෙල්ලප්පුලි විශ්වාසය පළ කර සිටියි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් ඇප අයදුම් කිරීමට කටයුතු සූදානම් කරමින් සිටින බවය. කෙසේ නමුත් ඔහු පවසන්නේ ඔවුන් දෙදෙනා වරදක් සිදුකර ඇත්නම් වසරක් සහ වසර 03ක් අතර කාලයක සිර දඬුවමක් සහ ඩිරාම් දහදාහක දඩයක් පැනවීමට හැකියාව ඇති බවය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ගායක අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටීම සඳහා ඉදිරි දිනකදී යළි ඩුබායි වෙත යන බවය. මෙම පිරිස මේ වනවිට ඩුබායිහි රඳවා සිටින අතර එරට නීතියට අනුව ඉදිරි විමර්ශන සිදු කෙරෙමින් පවතියි.

No comments:

Post a Comment

Post Bottom Ad