ජාතික ආණ්ඩු පිහිටවීම අවසන් තීන්දුව සදුදා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 23, 2019

ජාතික ආණ්ඩු පිහිටවීම අවසන් තීන්දුව සදුදා !

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ලබන සඳුදා අවසන් තීන්දුවකට පැමිණීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ජාතික ආණ්ඩුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවයේ නව දෙනකු එකඟතාවය පළකර ඇතත් ඔවුන් මෙතෙක් අවසන් තීරණයක් ප්‍රකාශ කර නැතැයි ද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.
පසුගිය 21 වැනිදා පැවැති පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර ජාතික රජය පිහිටුවීම ගැන කඩිනමින් තීන්දුවක් ගත යුතු බවට එහිදී සාකච්ඡා වූ බව ද ඇමතිවරයා හෙළිකර ඇත.

එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරයා ද එක් කරගනිමින් ජාතික ආණ්ඩුවක් පිහිටවීමේ වැඩපිළිවෙළ සාර්ථක වී ඇති බව ද ඔහු සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad