වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි වීමේ ගැසට් පත්‍රය අගමැති නියමයෙන් තාවකාලිකව අත්හිටුවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 1, 2019

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි වීමේ ගැසට් පත්‍රය අගමැති නියමයෙන් තාවකාලිකව අත්හිටුවයි

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි වීමේ ගැසට් පත්‍රය අගමැති නියමයෙන් තාවකාලිකව අත්හිටුවයි
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට අග්‍රාමාත්‍යවරයා එකඟ වූ බව දමිළ ප්‍රගතිශීලී සන්ධානය පවසයි.
එම සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේසන්, නියෝජ්‍ය නායකවරුන් වන අමාත්‍ය පලනි තිගාම්බරම්, අමාත්‍ය වී රාධ ක්‍රිෂ්ණන්, සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරවින්ද කුමාර් සහ එම් තිලකරාජ් මහතා අද පස්වරුවේදී අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව කොල්ලුපිටිය පිහිටි පලනි තිගාම්බරම් අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේදී මාධ්‍ය හමුවක් කැදවමින් මේ බව කියා සිටියේය.
අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, කම්කරු අමාත්‍ය රවින්ද්‍ර සමරවීර එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad