ටෝකියෝ දුම්රිය මගීන්ට නොමිලේ නූඩ්ල්ස් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 1, 2019

ටෝකියෝ දුම්රිය මගීන්ට නොමිලේ නූඩ්ල්ස්

සාමාන්‍යයෙන් සෑම රටකම පාහේ කාර්යාල කටයුතු කරන දිනවල උදයේ දුම්රිය අතුරසිදුරු නැතිව  පිරීයෑම වැළැක්විය නොහැක්කක් බව බොහෝදෙනා සිතති. ඒ නිසා පුද්ගල තදබදය රහිත කාලවේලාවන් වෙතට
යොමුවීමට මගීන් පොලඹවනු පිණිස ජපානයේ
ටෝකියෝ නුවර මෙන් දුම්රිය සමාගමක් නව උපක්‍රමයක් අදාබැලීමට තීරණය කළේය. ඒ අනුව, කාර්යබහුල නොවන වේලාවන් තුළ ටෝකියෝව බලා දුම්රියෙන් ගමන්ගන්නා මගීන් හට රසවත් නූඩ්ල්ස් සංග්‍රහයක් නොමිලේ පිරිනැමෙනු ඇත.

පෙරවරු 7.50 සහ පෙරවරු 8.50 අතර මගීන් 70,000ක් පමණ ගමන් ගන්නා අති කාර්යබහුල ටෝසි දුම්රිය මාර්ගය මෙම ව්‍යාපෘතිය අදාබැලීම සඳහා තෝරාගන්නා ලදී. දුම්රියක් පමණ  ඉක්මවා පිරී ඇත්නම් ඒ බව කල් ඇතිව දැනගත හැකි ජංගම දුරකථන ඇප් එකක්ද මගීන්ගේ පහසුව පිණිස එම සමාගම හඳුන්වාදී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad