සෞඛ්‍ය ඇමැති කිරිපිටි සමාගම්වල කුමන්ත්‍රණ රකින බවට චෝදනා - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 22, 2019

සෞඛ්‍ය ඇමැති කිරිපිටි සමාගම්වල කුමන්ත්‍රණ රකින බවට චෝදනා

සෞඛ්‍ය ඇමැති කිරිපිටි සමාගම්වල කුමන්ත්‍රණ රකින බවට චෝදනා

මෙරටට ආනයන කරන කිරිපිටි ප්‍රවර්ධනය කිරීම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිදු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි.

ගම්පහ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පහුගිය කාලය පුරා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ළඳරුවන් සඳහා කිරිපිටි ලබා දීම අහිතකර බවට දැන්වීම් ගසා තිබු බවත්, අද වන විට ඇමතිවරයා හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් පිටරටින් එන කිරිපිටි ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක යෙදී සිටින බව ද රොෂාන් රණසිංහ මහතා පැවසීය.

වෛද්‍ය සංගමය විසින් කිරිපිටිවල ඇති අහිතකර තත්ත්වය පෙන්වා දී තිබිය දීත් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මේ බව මායිම් නොකර කිරිපිටි සමාගම් ආරක්ෂා කිරීමේ වැඩසටහනක් දියත් කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපතිවරයා පවා මේ පිළිබඳ විරෝධය පළ කර ඇති බවත්, අද වන විට එක්සත් ජාතික පක්ෂය බහුජාතික සමාගම් වෙනුවෙන් පෙනී සිටින බවත්, රටේ ජනතාව වෙනුවෙන් ඔවුන් පෙනී නොසිටින බවටත් රොෂාන් රණසිංහ මහතා චෝදනා කර සිිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad